වෙනත් ව්‍යාපාරවල ඔබ සිදු කරන ක්‍රියාකාරකම් මත පදනම්ව Facebook අන්තර්ගතය ඔබට පෙන්වන ආකාරය සකස් කරන්න

සබැඳිය පිටපත් කරන්න
Android යෙදුම් උදව්
පරිගණක උදව්
iPad යෙදුම් උපකාරය
iPhone යෙදුම් උදව්
මොබයිල් බ්‍රව්සර උදව්
Facebook Lite යෙදුම් උපකාර
අපි පුද්ගලයින් ක්‍රමයෙන් Meta ගිණුම් වෙත යාවත්කාලීන කරමින් සිටිමු. ඔබේ ගිණුම් සැකසුම් කළමනාකරණය කිරීමට ඇති ස්ථානය ලෙස ඔබට ගිණුම් මධ්‍යස්ථානය හෝ Meta ගිණුම් සැකසුම් දිස් විය හැකි ය.

ඔබ සිටින්නේ යුරෝපීය කලාපය හෝ එක්සත් රාජධානිය තුළ නම්, ඔබේ වෙළඳ දැන්වීම් තේරීම් වෙනස් වෙයි. ඔබේ වෙළඳ දැන්වීම් තේරීම් පිළිබඳ වැඩිදුර දැන ගන්න.

ඔබේ වෙළඳ දැන්වීම් මනාපයන් වෙත ප්‍රවේශ වීමට ඔබ Facebook වෙත පිවිසී සිටිය යුතු ය.
ඔබට වඩාත් අදාළ වෙළ‍ෙඳ දැන්වීම් පෙන්වීම සඳහා, වෙළ‍ෙඳ ප්‍රචාරකයන් සහ අනෙකුත් හවුල්කරුවන් විසින් ඔවුන්ගේ වෙබ් අඩවි සහ යෙදුම්වල ඔබ සිදු කළ ක්‍රියාකාරකම් පිළිබඳව මෙන්ම මිල දී ගැනීම් වැනි ඔබේ ඇතැම් අන්තර්ජාලයෙන් බැහැරව සිදු කරන අන්‍යෝන්‍ය කටයුතු සම්බන්ධව අපට සපයන දත්ත අපි ලබා ගෙන භාවිත කරන්නෙමු. නිදසුනක් වශයෙන්, ඔබ විසින් ඇඳුම් වෙබ් අඩවියකට පිවිසීම මත පදනම්ව කමිසයක් සඳහා වෙළඳ දැන්වීමක් අපි ඔබට පෙන්වනු ඇත.
ඔබේ වෙළඳ දැන්වීම් මනාපයන් තුළ ඔබේ ව‍ෙළෙඳ දැන්වීම් හවුල්කරුවන්ගේ සැකසුමෙන් ලැබෙන ක්‍රියාකාරකම් තොරතුරු සකස් කිරීමෙන් ඔබට ව‍ෙළෙඳ දැන්වීම් පෙන්වීමට අප මෙම තොරතුරු භාවිත කරන්නේ ද යන්න ඔබට තෝරා ගත හැකි ය.
ඔබ වෙත අලෙවිකරණ පණිවිඩ එවීම සඳහා ව්‍යාපාරවලට ඔබේ තොරතුරු භාවිත කළ හැකි ද යන්නට වෙළඳ දැන්වීම් මනාපයන්ගෙන් බලපෑමක් නැත. ඔබට ව්‍යාපාරයකින් අලෙවිකරණ පණිවිඩ ලැබීමට අවශ්‍ය නොවේ නම්, ඔබට කතාබහ තුළින් ඍජුව ම ඒවා අවහිර කළ හැකි ය.

ගිණුම් මධ්‍යස්ථානය තුළ මෙම සැකසුම බලා සකස් කිරීමට:

  1. Facebook තුළ දකුණුපස ඉහළින් ඇති ඔබේ ප්‍රොෆයිල පින්තූරය ක්ලික් කරන්න.
  2. සැකසුම් සහ පෞද්ගලිකත්වය තෝරා, ඉන්පසු සැකසුම් ක්ලික් කරන්න.
  3. ගිණුම් මධ්‍යස්ථානය ක්ලික් කර, අනතුරුව වෙළඳ දැන්වීම් මනාපයන් ක්ලික් කරන්න.
  4. ව‍ෙළෙඳ දැන්වීම් සැකසුම් ක්ලික් කරන්න.
  5. ව‍ෙළෙඳ දැන්වීම් හවුල්කරුවන් වෙතින් වන ක්‍රියාකාරකම් තොරතුරු ක්ලික් කරන්න.
  6. සමාලෝචන සැකසුම් ක්ලික් කරන්න.
  7. ව‍ෙළෙඳ දැන්වීම් හවුල්කරුවන්ගෙන් ලැබෙන ඔබේ ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු මත පදනම්ව ඔබට ව‍ෙළෙඳ දැන්වීම් පෙන්වීමට අපට හැකි ද යන්න තෝරන්න.
සටහන: මෙම අවස්ථාවේ දී සියලු දෙනාට ම ගිණුම් මධ්‍යස්ථානය තුළ ඇති මෙම සැකසුමට ප්‍රවේශ වීමට නොහැකි වනු ඇත. මෙම පියවර ඔබට සාර්ථක නොවේ නම්, ඔබේ යෙදුම යාවත්කාලීන කර බලන්න, නැතහොත් ඔබේ වෙබ් බ්‍රවුසරයෙන් accountscenter.facebook.com වෙත යන්න.
ඔබ විශේෂිත වෙළඳ දැන්වීමක් දැකීමට හේතු විය හැක්කේ කුමක් දැයි යන්න ගැන වැඩිදුර දැන ගන්න.
සටහන: ඔබ විසින් ව‍ෙළෙඳ දැන්වීම් හවුල්කරුවන්ගෙන් ලැබෙන ක්‍රියාකාරකම් තොරතුරු සැකසුමෙහි කිසියම් වෙනසක් සිදු කළහොත් පමණක්, ඔබට ඔබේ තේරීම තහවුරු කරන ලෙස ඔබට දන්වනු ලැබේ.

ව‍ෙළෙඳ දැන්වීම් හවුල්කරුවන්ගෙන් ලැබෙන ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු

වෙළඳ දැන්වීම් හවුල්කරුවන්ගෙන් ලැබෙන ඔබේ ක්‍රියාකාරකම් පිළිබඳ දත්ත මත පදනම්ව Instagram තුළ අදාළ වෙළඳ දැන්වීම් පෙන්වීමට අපට හැකි ද යන්න මෙම සැකසුම මඟින් පාලනය කෙරේ. ඔබ මෙම සැකසුම ක්‍රියා විරහිත කළ ද, ඔබ දකින වෙළඳ දැන්වීම් තවදුරටත් අපගේ වේදිකාව තුළ ඔබේ ක්‍රියාකාරකම් මත පදනම් විය හැකි ය. අපි ඔබේ ප්‍රොෆයිලය එම ලැයිස්තුවේ තොරතුරු සමග සැසඳුවහොත්, අප සමග පුද්ගලයන් හෝ උපාංග ලැයිස්තුවක් බෙදා ගෙන ඇති නිශ්චිත ව්‍යාපාරයක තොරතුරු මත පදනම් විය හැකි ය.
වෙළඳ දැන්වීම් හවුල්කරුවන්ගෙන් ලැබෙන ක්‍රියාකාරකම් තොරතුරු සැකසුම් තුළ ඔබ සිදු කරන තෝරා ගැනීම එක ම ගිණුම් මධ්‍යස්ථානය තුළ ඇති ඔබේ සියලු ගිණුම් සඳහා අදාළ වේ.
සටහන: ඔබේ විවිධ ගිණුම් එකම ගිණුම් මධ්‍යස්ථානයට එක් කර නොමැති නම් එකී විවිධ ගිණුම් ඔස්සේ ඔබට වෙනස් අත්දැකීම් ලැබීමට ඉඩ ඇත.
ගිණුම් මධ්‍යස්ථානය තුළ ඇති ඔබේ ගිණුම් ඔස්සේ ඔබට කළමනාකරණය කළ හැකි සැකසුම් පිළිබඳව වැඩිදුර දැන ගන්න.
අපි ඔන්ලයින් චර්යාත්මක වෙළඳ ප්‍රචාරණය සඳහා වන ස්වයං-නියාමන මූලධර්මවලට අනුකූල වන අතර ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ සන්ධානය, කැනඩාවේ ඩිජිටල් වෙළඳ ප්‍රචාරණ සන්ධානය සහ දත්ත මත පදනම් වූ යුරෝපීය කර්මාන්ත ස්වයං-නියාමන ව්‍යුහගත රාමුව විසින් ස්ථාපිත කරන ලද ඉවත් වීමේ වැඩසටහන්වලට සහභාගී වෙමු. මෙම වෙබ් අඩවි හරහා ඔබට සහභාගී වන සියලුම සමාගම්වලින් ඉවත් විය හැකි ය.

ඔව්
නැහැ

Other ways to get help

Chat with Meta AI support assistant
Resolve issues, make changes and get support in real time